මහජන පීඩාව අවම කිරීමට නිශ්චිත වැඩපිළිවෙළකට සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න – විමල් වීරවංශ (ජානිපෙ)

106

රටේ දැන් මේ පවතින පාලනය පිළිබඳ කිසිම විශ්වාසයක් මහජනතාවට නැති බවත් ඒ නිසා එකම විසඳුම තියෙන්නේ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් ඇතිවෙනතාක් මහජනයා පීඩාවට පත්කර තිබෙන ප්‍රධාන ප්‍රශ්න කීපයෙන් එම ජනතාව ගලවා ගැනීම සඳහාත් නිශ්චිත අවම වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඒ වැඩපිළිවෙළ පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්‍ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවන එක බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දැනට මේ තියෙන අර්බුදයත් මහජනයාගේ තියෙන අවිශ්වාසයත් තුරන් කළ හැක්කේ එමගින් පමණක් යැයිද විමල් වීරංවශ මහතා කියා සිටියේය.

ඒ වගේම මේ තියෙන අර්බුදය හමුවේ වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි වෙනත් අරමුණු වෙනුවෙන් මේවා පාවිච්චි කර මේ රට තවත් ලිබියාවක් කරන්න බලන්නත් පුළුවන. ඒ වගේ තත්ත්වයකට වැටෙන්න නොදී තත්ත්වය නිවැරැදිව කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ අපි ඉදිරිපත් කරපු අවම වැඩපිළිවෙළක් සහිත සර්වපාක්‍ෂික එකඟතා පාලනයක් පිහිටුවීමෙන්. ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා යැයිද වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මෙහි එක් පියවරක් හැටියට අපි මූලික වෙලා ඉන්ධන, ගෑස් පොහොර අර්බුදය විසඳන්න රුසියාව සමග ඉතා කිට්ටු වැඩපිළිවෙළකට යන්න තීරණය කළා. මං හිතනවා එහි ඉතා සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙයි.

ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඒ දක්වන උනන්දුව අනුව තව නොබෝ දිනකින් ඒ ගැන අවසන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කිරීම අපේ බලාපොරොත්තුව යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment