මහජන බැංකුවට හැට වසරයි

156

රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත‍්‍රයන් සදහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුඵපටු නැහැ. ඉදිරියටත් අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකිකයින්ගේ බැංකුව ලෙස මහජන බැංකුව ඉදිරියටත් ඔබ සැමට වඩාත් කාර්යක්ෂමව මූල්‍ය පහසුකම් පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා.

ශී‍්‍ර ලාංකීය මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට 60 වසරක් සැපිරණි.

සිය සයවන දශකය සපුරන මේ මොහොත වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන තාක්ෂණය මුසු සේවා රැසක් හදුන්වාදීමට ඇපකැප වූ මහජන බැංකුව මහජනතාවගේ බැංකුව ලෙස ශී‍්‍ර ලාංකිකයින්ගේ හදවත් තුළ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය හා ගැමි ජනතාව න`ගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර, සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ටී.බී.ඉලංගරත්න ශ‍්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප‍්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත‍්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා

‘ශී‍්‍ර ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1961 ජුලි 01 වැනිදා ස්ථාපිත කළ මහජන බැංකුව අද දින ඉමහත් අභිමානයෙන් යුතුව සිය 60 වැනි සංවත්සරය සමරනවා. වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප‍්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවර ද සුඵ පටු නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත‍්‍රයන් සදහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුඵපටු නැහැ. ඉදිරියටත් අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකිකයින්ගේ බැංකුව ලෙස මහජන බැංකුව ඉදිරියටත් ඔබ සැමට වඩාත් කාර්යක්ෂමව මූල්‍ය පහසුකම් පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ‘මහජන බැංකුවේ ආරම්භයත් සම`ග ඉංගි‍්‍රසි උගත් ඇති හැකි අයට පමණක් සීමාවී තිබූ බැංකු ක‍්‍රමය පොදු මහජනතාවට විවෘත වුණා. එතැන් සිට දශක හයක් පුරා මහජන බැංකුව තම නිෂ්පාදන හා සේවා කළඹ පු`ඵල් කරමින් අපේක්ෂා සපිරි ශී‍්‍ර ලාංකිකයින්ව මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වූවා. එමෙන්ම රටේ සමාජ ආර්ථික සංවර්ධනයටත් මහජන බැංකුව ලබාදෙන්නේ විශාල සහයෝගයක්. මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයේ බැංකු සහ මුල්‍ය ක්ෂේත‍්‍රයේ නව මුල්‍ය ප‍්‍රවණතා හැකියා හඳුන්වාදෙමින් උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ඔවුන් වෙතට සමීප කිරීම කටයුතු කරනවා. ඉදිරියටත් නව ලොව ප‍්‍රවණතා සම`ග යමින් නවීනතම බැංකුකරණ අත්දැකීම් ජනතාව වෙත සමීප කිරීමට අප පෙරමුණ ගන්නා බව කියන්න කැමතියි.’
 

advertistmentadvertistment
advertistmentadvertistment