මහජන බැංකුවේ නව ප‍්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අගමැති ප‍්‍රධානත්වයෙන්

160

දශක හයක මහජන බැංකු ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහජන බැංකුවේ නව ප‍්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ල ඉදිකිරීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් නව අති නවීන ඩිජිටල් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

මහජන බැංකුවේ නව ප‍්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අගමැති ප‍්‍රධානත්වයෙන්

ඒ අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මාර්ගගත (Online) ක‍්‍රමයට එහි සමරු ඵලකය විවෘත කළ අතර, මෙම අවස්ථාවට මුදල්, ප‍්‍රාග්ධන වෙළෙ`දපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු, මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්. ඞී ලක්ෂ්මන්, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතු`ඵ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී වූහ. මීට සමගාමීව ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා විසින් අග‍්‍රාමාත්‍යතුමා වෙනුවෙන් නව ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදි. පරිශ‍්‍රයන් දෙකක පැවති මෙම අවස්ථාවන් දෙක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරිණි. මෙම සියලූම කටයුතු වර්තමානයේ රටේ පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මත රජයේ නිරෝධායන රෙගුලාසිවලට අනුකුලව සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment