මහජන බැංකුවේ ‘එතෙර සිසු දිරිය’ මාතරින් ඇරඹේ

52

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වන ‘එතෙර සිසු දිරිය’ වැඩසටහනේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

විදෙස් රටවල සිට දහදිය, ශ්‍රමය වගුරවමින් රටට විදේශ විනිමය රැගෙන එමින් මව්බිමේ ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත සේවා නියුක්තිකයින්ට උපහාර පිදීමක් ලෙස ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහාය ලබාදෙමින් ඔවුන්ව යහපත් ලෙස සමාජගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මහජන බැංකුව එක්ව මෙම ‘එතෙර සිසු දිරිය’ වැඩසටහන දියත් කරයි. මෙරට ක්‍රියාත්මක දීර්ඝකාලීන සමාජ සත්කාරක වැඩසටහනක් වන මෙය යහපත් පුරවැසියකු රටට බිහිකිරීම සඳහා හේතුවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment