මහජන බැංකුවේ කඳුපොළ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

68

මහජන බැංකුවේ කඳුපොළ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ තුළින් කඳුපොළ ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප‍්‍රාදේශීය කළමනාකාර අනුර දීගලගේ, නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි බී.එම්.එස්.එල්.බී බස්නායක, මහජන බැංකුවේ නුවරඑළිය හිටපු ප‍්‍රාදේශිය කළමනාකාර, වත්මන් මහනුවර ප‍්‍රාදේශිය කළමනාකාර කපිල දිසානායක, නුවරඑළිය ප‍්‍රාදේශීය කළමනාකාර විනෝදිකා පීරිස්, නුවරඑළිය ශාඛා කළමනාකාර අනුර අබේකෝන්, කඳුපොළ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි කි‍්‍රෂානි සෙල්වකුමාර් යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment