මහජන බැංකුවේ ගිණුම් ගැන කටකතා බොරු

210

මහජන බැංකුව ජනතාවට කියයි

මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් පිළිබඳ නොමඟ යවන සුළු අසත්‍ය පුවත් පැතිර යමින් පවතින බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජුව හෝ වක්‍රව අප වෙත ඉල්ලීම්කර හෝ උපදෙස් ලබාදී නොමැති බව එහි දැක්වේ.

මහජන බැංකුව රාජ්‍ය ආයතන සඳහා බැංකු සේවා සැපයීමේ විශ්වසනීය හවුල්කරුවකු වන අතර හුදු ලාභයම මූලික අරමුණු කර නොගනිමින් එම ආයතන වෙත සුවිශේෂ සේවාවන් සපයන්නේ සිය ජාතික වගකීම මනාව වටහාගත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ බැංකු ආයතනයක් ලෙසිනි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළුව අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අප ආයතනය මනාව බලගැන්වී ඇති අතර ඔවුන්ගේ සුවිශේෂී බැංකු අවශ්‍යතා සපුරාලන විවිධාංගිකරණය වූ බැංකු විසඳුම් සැපයීමේ විශිෂ්ට සේවා වාර්තාවක් මහජන බැංකුව සතුව ඇත.

අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි දක්වන අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් ස්තුතිය පුදකරන අතර උපරිම කැපවීමෙන් හා වගකීමෙන් ඔවුන්ට සේවය කිරීමට අප ඇපකැපවී සිටිමු යැයි ද එහි සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment