මහජන බැංකුවේ ජාත්‍යන්තර සහ ආයතනික බැංකු අංශ සේවක සුබසාධක සංගමයෙන් අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය එන්නත් හා ඖෂධ

36

මහජන බැංකුවේ 61 වැනි සංවත්සරය වෙනුවෙන් එහි ජාත්‍යන්තර සහ ආයතනික බැංකු අංශ සේවක සුබසාධක සංගමය විසින් මහරගම අපේක්ෂා රෝහලේ ලියුකේමියා අංශය වෙත අත්‍යවශ්‍ය, විරල ගණයේ එන්නත් හා ඖෂධ තොගයක් පසුගියදා පිරිනමන ලදි.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඒ.ඒ.එන් ජයසේකර මහතා වෙත මෙම පරිත්‍යාගයන් ප්‍රදානය කළ අතර, ජාත්‍යන්තර සහ ආයතනික බැංකු අංශ සේවක සුබසාධක සංගමයේ සභාපතිනි/ ප්‍රධාන කළමනාකාරිනි (වෙළෙඳ සේවා) කේ. සුබසිංහ මහත්මිය ඇතු`ඵ එම සුබසාධක සංගමයේ නිලධාරින් සහ නිලධාරිනියෝ සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment