මහජන බැංකුවේ පිටකොටුව ශාඛාව අලූත් තැනකට

126

මහජන බැංකුවේ පිටකොටුව ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කොළඹ 11, කෙලින් වීදියේ, අංක 92 ඒ දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ හා බිල්පත් ගෙවීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක.

මහජන බැංකුවේ පිටකොටුව ශාඛාව අලූත් තැනකට

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) ලලිත් විතාන, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකාරණ) රෝහිනි මදුරාවල, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන, කොළඹ උතුර ප‍්‍රාදේශීය කළමනාකාර එස්.එල්.එම්.ඒ.එස්. සමරතුංග, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර රජිව් කරුණානායක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන කෞෂල්‍යා හෙට්ටිආරච්චි, සේනානි රාජපක්ෂ, පිටකොටුව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ද සිල්වා, ජම්පටා වීදිය ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා, පිටකොටුව ශාඛා කළමනාකාර ඒ.ජේ.සී ශිරාන් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment