මහජන බැංකුවේ පූජාපිටිය ශාඛාව නව පරිශ‍්‍රයකට

68

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ප‍්‍රථම ගනුදෙනුකාර තැන්පතුව භාරගනිමින්


මහජන බැංකුවේ පූජාපිටිය ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ තුළින් පූජාපිටිය ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වඳිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, මහනුවර ප‍්‍රාදේශීය කළමනාකාර කපිල දිසානායක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරවරුන් වන තිස්ස තෙන්නකෝන් හා ෂමිල කුමාරපේලි, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරිනි ශාන්ති සිවනාතවෙල් මහත්මිය, පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප‍්‍රනාන්දු, පූජාපිටිය ප‍්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ, පූජාපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ආර්.ජි රන්කොත්ගේ, පූජාපිටිය ශාඛා කළමනාකාරිනි සජානි සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment