මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ ප‍්‍රජා සත්කාරයක් ලෙසින් මුරුතලාව අඩු ආදායම්ලාභී පවුලක නිවසක් නවීකරණය කෙරේ

58

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් එහි බෞද්ධ සංගමය දියත් කරන නිවාස ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මුරුතලාව, වතුරකුඹුර අංක 360ඒ, ස්ථානයේ පදිංචි ඒ. එම්. සුධර්මිකා මහත්මියගේ නිවස අලූත්වැඩියා කර ඇයට භාරදීම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, මහනුවර ප‍්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන්, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන අනුෂා අලහකෝන්, කුමාරි දයානන්ද, පේරාදෙණිය ශාඛා කළමනාකාර කේ. පී. පී. පී. කුලතුංග, වතුරකුඹුර ග‍්‍රාම නිලධාරිනී සමන්මලී හලංගොඩ, සංවර්ධන නිලධාරී ගුණරත්න මීමුරේ, මෙම නිවස නවීකරණය කරන ලෙස ඉල්ලීම සිදු කළ සහ සියලූ කටයුතු සම්බන්ධීකරණ කටයුතු සිදු කළ රෝහණ කුමාර සහ දිස්නා සුභාෂිණි යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment