මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ බදුල්ල, මීගහකිවුල, කලුකැලේ කනිෂ්ඨ විද්‍යාලයට සූර්ය බලයෙන් විදුලි පහසුකම්

79

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන සිදුකරන දුෂ්කර පාසල් වෙත සුර්ය බලශක්ති පද්ධතීන් තුළින් විදුලිය හා ජල පහසුකම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් බදුල්ල, රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාශයේ මීගහකිවුල, කලුකැලේ කනිෂ්ඨ විද්‍යාලයේදි ඔක්තෝම්බර් මස 01 වැනිදාට යෙදුන ලෝක ළමා දිනය නිමිත්තෙන් දියත් කෙරිණි. අධ්‍යාපනය හා තිරසරභාවය ඒකාබද්ධ කරන නවමු සංකල්පයක් වන මෙම ව්‍යාපෘතියෙන් පිරිනැමුනු සූර්ය බලශක්ති පැනල තුළින් මළු විද්‍යාලයටම විදුලිබලය හිමිවන අතර, ජල පහසුකම් ලබාගැනීම සඳහා ජල ටැංකියක්ද පරිත්‍යාග කරන ලදී.බදුල්ල, රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාශයේ මීගහකිවුල, කලුකැලේ කණිෂ්ඨ විද්‍යාලය දිවයිනේ අති දුෂ්කරතම පාසලක් වන අතර, මෙම පාසලට පිවිසීමට කිලෝ මීටර් 6ක් පමණ පාගමනින් කඳු මුදුනට පිවිසිය යුතුවේ. මෙහි පහ ශ්‍රේණිය වන තෙක් පමණක් පන්ති පැවැත්වෙන බැවින් ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තවත් කිලෝමීටර් 6ක් දුරින් පිහිටි අරාව විද්‍යාලයට යාම අනිවාර්ය වේ.

කටුක දිවියක් ගතකරන මෙම දරු දැරියන්ගේ දෙමාපියන් වැඩි පිරිසක් අඩු ආදායම්ලාභීන්ය. මීට වසර දෙකකට ඉහතදී මෙම ගමට විදුලිය ලැබුන මුත්, කලුකැලේ කණිෂ්ඨ විදුහලට විදුලිය නොලැබිණි. මහජන බැංකුවේ මහජන මෙහෙවර, මනුසත් දෙරණ සමඟ එක්ව සිදුකළ මෙම සමාජ සත්කාරය තුළින් මූලික පිරිවැයකින් පමණක් නොව මාසික වියදමකින්ද තොරව මළු විදුහලටම විදුලි බලය ලැබීම විශේෂත්වයකි.දිනෙන් දින වෙනස් වන සාමාජීය, ආර්ථික සහ තාක්ෂණික පරිසරය තුළ එල්ල වන අභියෝග ජයගැනීමට අවශ්‍ය වන අධ්‍යාපනය ලබාගැනීම සඳහා දූවා දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට මහජන බැංකුව නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඉදිරියටත් මෙවන් සමාජ සත්කාරක වැඩසටහන් දියත් කිරීම මහජන බැංකුවේ අරමුණයි.මෙම අවස්ථාවට කලුකැලේ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. දිසානායක මහතා ඇතළු ගුරු මණ්ඩලය, මහජන බැංකුවේ මහියංගණ ශාඛා කළමනාකාර සුධීර ජයසිංහ මහතා ඇත`ුඵ බැංකු කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment