මහජන බැංකුවේ මුතියංගණ ශාඛාව නව පරිශ්‍රයකට

85

මහජන බැංකුවේ මුතියංගණ ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

ඵෙතිහාසික බදුල්ල මුතියංගණයේ, තැපැල්හල පාරේ, වාණිජ හා බැංකු සංකීර්ණයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත වන අතර, මෙහි මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක්ද :Self Banking Unit) ස්ථාපිත කර ඇත.

එමෙන්ම මීට සමගාමීව මහජන බැංකුවේ YES ගිණුම් ප්‍රවර්ධන වැඩසටහනක් සිරස The Voice Teens Sri Lanka Season 2 ජයග්‍රාහිකාව වන ප්‍රනීර්ශා ත්‍යාගරාජාගේ සහ අවසන් මහා තරඟකරුවකු වූ රසල් තේමින්දගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, බදුල්ල ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තවෙල, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් පුහුණු) එච්.එම් නන්දසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) එම්.ඊ. සුමිත්‍රා සිල්වා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(සැලසුම්) ආනන්ද විජිත කුමාර මාපා, බදුල්ල ප්‍රාදේශීය ලේකම් ලලිත් හේමන්ත දිසානායක, මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් වන කේ. චන්ද්‍රකුමාර් හා එස්.එම්.ඒ.පී.කේ. සමරකෝන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී මංජුලා පෙරේරා, මුතියංගණ ශාඛා කළමනාකාරිනි ඒ.අයි සූරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතු`ඵ රාජ්‍ය නිලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment