මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට

56
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත් මහතා විසින් මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය සුබ මොහොතින් විවෘත කරන අයුරු හා ගනුදෙනුකරුවකු වෙත තිළිණයක් පිරිනැමූ අවස්ථාව.

මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මේ තුළින් මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිනි මදුරාවල, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි සුධර්මා සුභාෂිණි, සහකාර ප්‍රාදේශිය කළමනාකාර නිශාන්ත ආරෝහණ, කොටිකාවත්ත ශාඛා කළමනාකාර පී. ආර් සිල්වා යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment