මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ වෙසක් බැති ගී සරණිය

139

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මහජන බැංකුවේ කොළඹ දකුණ ප්‍රාදේශිකය විසින් කොළඹ හයිඩ් පිටියේදි සංවිධානය කරන ලද වෙසක් කලාපයට සමගාමීව යුනියන් පෙදෙස ශාඛාව ඉදිරිපත් කළ ‘ගීතාංජලි’ වෙසක් බැති ගී සරණිය වෙසක් පොහෝ දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහි නව පදමාලා මහජන බැංකුවේ ඇතුගල්පුර ශාඛාවේ එරන්ති මුණසිංහ මහත්මිය විසින් රචනා කරන ලද අතර, සංගීතය හා ගායන පුහුණුකිරීම් කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයේ සංගීතාචාර්ය රවින්ද්‍ර සපරමාදු සහ කොළඹ 02, ආරක්ෂක විද්‍යාලයේ සංගීතාචාර්ය ලාල් රූපසිංහ යන මහත්වරුන් විසින් සිදුකරන ලදි.

මීට අමතරව මෙහිදි වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනයක් සහ නෙස්කැෆේ හා බිස්කට් දන්සැලක්ද පැවැත්විණි.

මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවේ වෙසක් බැති ගී සරණිය

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, හිටපු ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර මාධව කනක්ක හේවගේ, යුනියන් පෙදෙස කළමනාකාරිනි අමාලි බෝගමුව, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතු`ඵ විශාල පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment