මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

57
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ මුල්‍ය ප්‍රධානී අසාම් ඒ. අහමඩ් මහතා,

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සංවිධානය කරන CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2022 දී මහජන බැංකුවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා’ දහයෙන් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය.

තම ආයෝජකයින්ට සහ පාර්ශ්වකරුවන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ඒකාබද්ධ වාර්තාකරණය කටයුතු සිදුකරන ශ්‍රී ලාංකීය සමාගම් දිරිමත් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන ප්‍රදානෝත්සවය පවත්වයි. ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය වන International Integrated Reporting Council ක්‍දමබජසක විසින් 2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ජාත්‍යන්තර වාර්තාකරණ රාමුවේ මාර්ගෝපදේශ යටතේ මෙහිදී ඒකාබද්ධ වාර්තා ඇගයීමට ලක් කරයි. මෙම ක්‍රියාවලියේදී මූල්‍ය හා ගිණුම් තොරතුරු පමණක් නොව මූල්‍ය නොවන තොරතුරු සහ වාර්තාකරණයේ වෙනත් ගුණාත්මක අංග ද සැලකිල්ලට ගැනීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, ‘මහජන බැංකුවේ අප කණ්ඩායමේ ජයග්‍රහණ පිළිබඳව මෙන්ම, ගෝලීයව පිළිගත් ප්‍රමිතින්ට අනුව කටයුතු කිරීමට ඔවුන් දක්වන උනන්දුව පිළිබඳවත් අපි ආඩම්බර වන්නෙමු. මහජන බැංකුව සිය කෙටි, මධ්‍ය සහ දිගු කාලීන උපායමාර්ගික සැලසුම් වෙනුවෙන් පිළිගැනීමට ලක්ව ඇත. තොරතුරු සන්නිවේදනය, ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිදුකර ඇති වටිනාකම් නිර්මාණය සහ අපගේ සේවා පිරිනැමීම්වල විශිෂ්ටත්වය මෙහිදී ඇගයීමට පාත්‍ර විය.’ යනුවෙන් පැවසීය.

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා, ‘දිනෙන් දින වෙනස් වන ව්‍යාපාරික පරිසරයක අවශ්‍යතාවලට අනුවර්තනය වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට මහජන බැංකුව විශිෂ්ට ලෙස සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව, අප ගනුදෙනුකරුවන් ඇතු`ඵ සියලුම පාර්ශ්වකරුවන් වෙත පිරිනමන සේවාවන් සහ ප්‍රතිලාභ සන්නිවේදනය කරන ආකාරය නව මානයකට ගෙන ගොස් ඇති අතර, එය CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උලෙළේ 2022 දී පිළිගැනීමට ලක්වීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන්නෙමු’.

advertistmentadvertistment
advertistmentadvertistment