මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් 25 දෙනකුට රන් පවුම් පිරිනැමේ

43

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමෙන් 2022 මාර්තු 01 වැනිදා සිට නොවැම්බර් 07 දක්වා රන් පවුම් දිනාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 25 දෙනකුට හිමි රන් පවුම් පිරිනැමීම පසුගියදා කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පූර්ණ ව්‍යාපාර ගනුදෙනු හා එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ මහතා, සහකාර සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා යන මහත්මින් සහභාගි වූහ.

2022 පෙබරවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා අතර කාලය තුළ මහජන බැංකු ගිණුම්වලට, මහජන බැංකුව හරහා වෙනත් බැංකු ගිණුම්වලට විදෙස් මුදල් ප්‍රේෂණය කරන සහ WU, Ria හෝ ඊට සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකු ශාඛාවලින් ප්‍රේෂණ මුදල් ලබාගන්නා සියලුම ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබති. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment