මහජන බැංකුවේ වාසි කෝටියයි නොවැම්බර් සහ දෙසැම්බර් මිලියනපතියන්ට හිමි තිළිණ දකුණු කොරියාවේදී පිරිනැමේ

20

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ දෙසැම්බර් මස මිලියනපතියාවූ රසික සම්පත් ගුණතිලක මහතාට හිමි චෙක්පත, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සවිත්‍රී පානබොක්ක මහත්මිය අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සචිනි ඩයස් මහත්මිය, මහජන බැංකුවේ දකුණු කොරියානු නියෝජිතයින් වන ළහිරු අල්විස් සහ තිළිණ වීරසේකර යන මහත්වරුන්ද සහභාගී වූහ.

එමෙන්ම නොවැම්බර් මස මිලියනපතියාවූ, ඒ පුෂ්පකුමාර හේරත් මහතාට හිමි චෙක්පත මහජන බැංකුවේ දකුණු කොරියානු නියෝජිත ළහිරු අල්විස් මහතා අතින් දකුණු කොරියාවේදී පිරිනැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment