මහජන බැංකුවේ ‘වාසි කෝටියයි 2023’ දිනුම් ඇදීමේ මාසික මිලියනපතියන් සිව්දෙනකු තෝරාගැනේ

56

මහජන බැංකුවේ ‘People’s Remittance’ වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි 2023’ දිනුම් ඇදීමේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස සඳහා ජයග්‍රාහි මිලියනපතියන් තෝරාගැනීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා සිදුකෙරිණි.

මීට අමතරව 2023 ජනවාරි 01 සිට මැයි 13 දක්වා සතිපතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගන්නා ලද අතර, ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (අයකිරීම්) ගංගා සේනානායක, සහකාර සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (විගණන) ශාන්ත ගඟබඩගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරී ජේ.පි. ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින් ‘People’s Remittance වාසි කෝටියයි 2023’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් ආරම්භ කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment