මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය රෝහලට

47

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් (SBU) වේරහැර, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM)ල මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සමන්විත වන අතර, මේ තුළින් ගනුදෙනුකරුවන්ට සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුඵ වසර පුරාම වඩාත් පහසු සහ කාර්යක්ෂම අයුරින් බැංකු ගනුදෙනු රැසක් ඉටුකරගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම පුඵල් ඩිජිටල් බැංකු සේවාවන් රැසක් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා කවු`ඵවක්ද මෙහි ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය රෝහලේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය රෝහලේ නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පරිපාලන) බි්‍රගේඩියර් විපුල චන්ද්‍රසිරි, විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බි්‍රගේඩියර් පී. එස්. තිලකරත්න, පරිපාලන අධ්‍යක්ෂ බි්‍රගේඩියර් එල්. ඩබ්ලිව්. එස්. ආර්. වෙත්තසිංහ, මහාචාර්ය ජයන්ත බලවර්ධන යන මහත්වරුන් ඇතුඵ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුඵ රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු නිලධාරින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment