මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් තිහගොඩට

82

තිහගොඩ ප්‍රදේශයේ ජනතාවට අති නවීන බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් තිහගොඩ නගරයේදී පසුගියදා විවෘත කෙරිණි. මෙහිදි සු`ඵ අපනයන බෝග වගාව සඳහා ණය පහසුකම් පිරිනැමුනු අතර, මහජන බැංකුවේ සිසු උදාන සහ ඉසුරු උදාන ගිණුම් හිමි දරු දැරියන් වෙත තිළිණ ප්‍රදානයද සිදුකෙරිණි. මෙහි මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ද(ATM) ස්ථාපිත කර අතර, මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරි (ආයතනික බැංකු කටයුතු) නලින් පෙරේරා මාතර ප්‍රාදේශීය කළමනාකාර අයි. කේ ඉන්දික, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී තුෂාරි නම්මුනිආරච්චි, ප්‍රාදේශීය ණය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි නිෂානි පතිරණ, තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ, තිහගොඩ පොලිස් ස්ථානාධිපති ටී. දහනායක, තිහගොඩ ජාතික පාසලේ විදුහල්පති ආර්.එම්.ආර්. බණ්ඩාර කඹුරුපිටිය ශාඛා කළමනාකාර ආර්. දයාන් පද්ම

තිහගොඩ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි ජේ.පී.ඩී නදීෂා යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment