මහජන බැංකුවේ හුංගම සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

49

හුංගම ප්‍රදේශයේ ජනතාවට අති නවීන බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ හුංගම සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි. කේ ඉන්දික, ප්‍රධාන කළමනාකාරිනි (ක්ෂුද්‍ර මූල්‍ය) නිල්මිණි ගුණවර්ධන, හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකාර නිශාන්ත ආරෝහණ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඒ.එල්.සී.පී. අබේසිංහ, අම්බලන්තොට ශාඛා කළමනාකාර අයි.ආර්. තේනබදු, හුංගම සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි හර්ෂනි රූපසිංහ යන මහත්ම මහත්මීහු ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743 කින් සමන්විත, රුපියල් ටි්‍රලියන තුනකට අධික වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment