මහජන බැංකුවේ Lanka QR ඔස්සේ මහනුවර මහ නගර සභාවේ ප‍්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම හිමිවේ

114

මහජන බැංකුවේ Lanka QR කේතය ඔස්සේ මහනුවර මහ නගර සභාවට අයත් ප‍්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ මහනුවර නගර සභාව අත්වැල් බැඳගනී.

මහජන බැංකුවේ Lanka QR ඔස්සේ  මහනුවර මහ නගර සභාවේ ප‍්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම හිමිවේ

මේ වැඩපිළිවෙළ සංකේතාත්මකව ආරම්භ කිරීම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු සහ මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර මහනගර සභා පරිශ‍්‍රයේදී සිදුකෙරිණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, මහනුවර ප‍්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, මහනුවර මහ නගර සභාවේ ප‍්‍රධාන ගණකාධිකාරී ඒ.පී.එච්. මහානාම යන මහත්වරුන් ඇතු`ඵ සහකාර ගණකාධිකාරවරුන්, මහජන බැංකුවේ මහනුවර සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන් මහතා, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන අනූෂා අලහකෝන්, කුමාරි දයානන්ද, සෙංකඩගල ශාඛා කළමනාකාරිනී චාමනි වික‍්‍රමරත්න යන මහත්මීන් ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment