මහජන බැංකුවේ People’s Remittance වාසි කෝටියයි දිනුම් ඇදීමේ පළමු මිලියනපතියා තෝරා ගැනේ

180

මහජන බැංකුව සිය People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි, දිනුම් ඇදීමේ පෙබරවාරි මස ජයග‍්‍රාහකයා, එම මාසයේ 3 වැනි සහ 4 වැනි සතියන්හි සහ දිනපතා ජයග‍්‍රාහකයින් තෝරාගන්නා ලදී.

කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා මෙම දිනුම් ඇදීම සිදුකෙරිණි.

ඒ අනුව, මාසික ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමි වන අතර, සතිපතා තෝරාගන්නා ජයග‍්‍රාහකයින්ට කැරට් 22 රන් කාසි සහ දිනපතා ජයග‍්‍රාහකයින් 14 දෙනාට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ‍්‍රී ලාංකික විදෙස් ශ‍්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, ,People’s Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග‍්‍රාහකයාට රුපියල් කෝටියක සුපිරි මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එමෙන්ම රුපියල් මිලියනයේ මාසික ජයග‍්‍රාහකයින් සෑම මාසයකදීම තෝරාගන්නා අතර, තවත් සතිපතා වාසනාවන්ත ජයග‍්‍රාහකයින් 48 දෙනෙකුට කැරට් 22 රන් කාසි ද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගන්නා දිනපතා ජයග‍්‍රාහකයින් 334 දෙනෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment