මහජන බැංකුව සිය 61 වැනි සංවත්සරය සමරයි

346

ශ්‍රී ලාංකීය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නව මං සලකුණක් තැබූ මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වැනි දිනට 61 වසරක් සපිරෙයි. මෙරට සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය හුරු කළ මහජන බැංකුව, සිය 61 වන වසර සපුරන විට ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ මු`ඵ ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරතව සිටීම මෙන්ම දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි.

මහජන බැංකුව සිය 61 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගාසිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය.එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ,ආහාර සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ගරු ටී. බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

ඉංග්‍රීසි, උගත් ඇති හැකි පැළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්‍රමය දෙදරා යෑමට මුල පිරුනේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඑලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකිවිය.

සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමඟම රන් භාණ්ඩ උකස් සේවා කටයුතු වලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ වෙළඳපළ විධිමත් විය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ටි්‍රලියන තුනකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයක් වන අතර, දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 743 කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 268ක් පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාවයි.

මහජන බැංකුව සිය 61 වැනි සංවත්සරය සමරයි

විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගත කරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම

ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක්‍රියාකරයි.

වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව

ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවරද සු`ඵ පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගී මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය.

ලෝකය පුරා විසිරී ඇති බැංකු 900 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව ගනුදෙනු කරන මහජන බැංකුව, පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් පිරිනමයි. විශේෂයෙන් රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ඖෂධ, ගෑස් වැනි දෑ ගෙන්වීමේදී මහජන බැංකුව ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරමින් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය මූල්‍ය සේවා සපයයි.

එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැලපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන නිපැයුම්වලින් එකක් වන People’s Wiz නිමැයුම තුළින් ඩිජිටල් තාක්ෂණයෙන් බැංකු ගිණුමක් විනාඩි 10 වැනි වේලාවකින් විවෘත කිරීමේ හැකියාව සලසා තිබේග එමෙන්ම මහජන බැංකුවේ People’s Wave ජංගම දුරකතන යෙදවුම සමඟ මිලියනයකට අධික ගනුදෙනුකරුවන් පිරිසක් ලියාපදිංචි වී සිටින ඇත. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය 24ක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හඳුන්වා දෙන ලදි.
මීට අමතරව People’s Wyn නමින් ආයතනික ගනුදෙනුකරුවන් සඳහාම විශේෂයෙන් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දුන් අතර, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම හඳුන්වා දුන්නේය. එමෙන්ම රට තුළ ඩිජිටල් ගනුදෙනු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා වෑයමට සහයෝගය දක්වමින් People’s Pay ජංගම දුරකථන යෙදවුමද (ඇප්) හඳුන්වා දී ඇත.

මහජන බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර විය. ස්ලිම් නිල්සන් ජනතා සම්මාන, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන, ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන වැනි දේශීය සම්මාන මෙන්ම තවත් අන්තර්ජාතික සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළදී පමණක් Asian Banker Excellence in Retail Financial Services Awards, Asia Money Best Bank, World Finance, International Business Magazine, Global Business Review Magazine Awards 2022, Global Banking & Finance Review magazine in UK, Asia digital finance forum and award (AFTA) ආදී සම්මාන උළෙල ගණනාවකදී මහජන බැංකුව ඇගයීමට ලක්විය.

මීට අමතරව The Banker Magazine විසින් 2021, 2020, 2019 හා 2018 වසරවලදී මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට නම් කිරීම කෙරුණු අතර, ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) හා Daily FT පුවත්පත විසින් 2018, 2019, 2020 සහ 2021 වර්ෂයන්හිදී අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ ආයතන 10 අතරට මහජන බැංකුව ඇතුළත් කරන ලදි. එමෙන්ම අන්තර්ජාතික ප්‍රමිතිකරණ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ISO/IEC 27001:2013 තත්ත්වයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රාජ්‍ය බැංකුව වන්නේද මහජන බැංකුවයි.

ඉදිරියටත් ඩිජිටල් බැංකුකරණයේ පහසුකම් ලබාදෙමින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මුල්‍ය සේවා ලබාදීමෙන් මෙන්ම සුවපහසුව, උසස් තත්ත්වය සහ විශ්වාසය ආදී ගුණාංගයන්ගෙන් පිරිපුන් මෙන්ම විශිෂ්ට බැංකුකරණ සේවාවක් ලබාදීම හරහා නවීනතම බැංකුකරණ අත්දැකීම් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරමින් රටේ දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන්ද කටයුතු කිරීමට මහජන බැංකුව ඇපකැපවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment