මහජන බැංකුව හා බැඳුණු පෙම

233

‘පසුගිය කාලේ නිතරම මාධ්‍යවල මහජන බැංකුව කියන නම අහන්න දකින්න ලැබුනා. ඒ වේලාවේ මට හිතුනා මහජන බැංකුව කියන දේ මේ රටේ ජනතාවට, පෞද්ගලිකව මට කොයිතරම් සමීපද කියලා. මෙරට ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුව පුරා දශක හයක් මුළුල්ලේ ශී‍්‍ර ලාංකීය ජනතාවට මූල්‍ය පහසුකම් සපයා ඔවුන්ව බලගැන්වීමෙන් වගේම දේශයේ සමාජ, ආර්ථික ප‍්‍රගමනය වෙනුවෙන්ද සිදුකර ඇති මෙහෙවර අති විශාලයි. ගතවූ කාලය පුරාම මිලියන 14කට අධික ශී‍්‍ර ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් පිරිස මහජන බැංකුව වටා ඒකරාශී වෙලා ඉන්නවා, ඒ වගේම කලාකරුවන් විද්වතුන්, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ඇතුළු කලා සහ ශාස්ත‍්‍රීය සම්භාවනීය ගනුදෙනුකාර ප‍්‍රජාවක්ද මහජන බැංකුව සතුයි.

 මහජන බැංකුව එක්ක මං ගනුදෙනුකරන්න පටන් ගන්නේ 1974 වසරේ සිට. ඒ කාලේ විශ්වවිද්‍යාලයට ආවම අපිට මහජන බැංකුවෙන් සහන පොලියට ණය දුන්නා. ඒ රැුකියාවක් ලැබුනාම ඒ මුදල ගෙවිය හැකි ලෙස. සරසවි සිසුන් 100%ම වාගේ මෙම ණය මුදල ගත්තා. ඒ දුන්න මුදල අපිට ඒ කාලේ හැටියට ලොකු මුදලක්. ජීවිතේ පළවෙනි වතාවට මං අම්මාට සාරියක් අරන් දුන්නෙත් මහජන බැංකුවෙන් ගත්ත ඒ ණය මුදලින්. ඒක නිල් පාට සාරියක්. තෑග්ග අරන් මම ඉස්සෙල්ලාම ගියේ බදුල්ලට. ගිහින් අම්මාව බලලා ආවා. හැබැයි ඒ කාලේ බැංකු ගිණුමක් මම පටන් ගත්තේ නැහැ. ඇයි කිව්වොත් ඒ කාලේ අපිට සල්ලි නෑනේ බැංකු ගිණුම්වල දාන්න. ඒත් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වුණ ගමන්ම බැංකු ගිණුමක් ආරම්භ කළා. එතැන් සිට ඒ කියන්නේ 1980 වසරේ සිට අද දක්වාම මගේ මුදල් ගනුදෙනු කළ එකම තැන මහජන බැංකුව විතරයි. ඊළ`ගට මගේ ගිණුම්, අර්ථ සාධක අරමුදල්, මගේ වැටුප හැමදාම ආවේ මෙතනට. ඒකට හේතුවුණේ මට නැති බැරි කාලේ පිහිටවුනේ මහජන බැංකුව. ඒ නිසා ඊට පස්සේ පිහිටවූ කිසිම බැංකුවකට මං ගොඩවෙලාවත් නැහැ. දිගටම මං හිටියේ මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාව එක්ක විතරයි.

 කලින් මං කිව්වනේ බැංකුවෙන් ණය ගත්තා කියලා. 1980 විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වුණ ගමන්ම මම ණය ගෙවන්න පටන් ගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කළා. ඇත්තටම පේරාදෙණිය ශාඛාවෙන් මට කිව්වා, හු`ගක් අය ණය ආපසු ගෙවලා නෑ ඔබතුමා තමයි සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙන්නේ කියලා. මහජන බැංකුව විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ණය අයකර ගන්න ඔවුන් පස්සේ ගියේ නැහැ වැඩිය. ඒවා බොල් ණය කියලා අත ඇරියා. ඒ වුණාට මම ගෙව්වා ඒක. මටත් මේක නොගෙව ඉන්න තිබුනා. ඒ වුණත් මම හිතුවා ඒක මම ගෙවන්න ඕන කියලා. එකෙන්නේ අපි ජීවත් වුණේ. ඒක ගෙවන එක අපේ යුතුකම. ඒක ගෙවලා ඉවර කළා. ඊට පස්සේ දිගටම අද දක්වාම සියලූම ගනුදෙනු සිදුකරන්නේ මහජන බැංකුවත් සම`ගයි. මම විතරක් නෙමේ මගේ දරුවන් පවා. ඔවුන්ගේ ළමා ඉතුරුම් තිබ්බේත් මහජන බැංකුවේ. අලූත් පරපුරේ අයට දැන් තෝරාගන්න බැංකු රාශියක් තියෙනවා. ඒත් මං ඒ අයට කීවා මහජන බැංකුවේ වැදගත්කම. ඒ අයගේ ගිණුම් තියෙන්නෙත් මහජන බැංකුවේමයි.

 මං අමාදහර, දොරම`ඩලාව වැනි වැඩසටහන් වල වගේම රට පුරා සම්මන්ත‍්‍රණවලත් කියලා තියෙනවා මට ඉගෙනගන්න සල්ලි දුන්නේ අම්මා, තාත්තා නෙමේ මහජන බැංකුව කියලා. මගේ සමහර යාලූවෝ බැංකුවෙන් ගත්ත ණය ගෙවන එක ම`ග ඇරියා. ඒත් මහජන බැංකුව නඩු දැම්මේ නැහැ. ඒ කාටවත් ගෙවන්න කියලා අපිට කිසිම බලපෑමක් කළේ නැහැ. මහජන බැංකුව කියන වචනය තමයි ලංකාවේ තියෙන ආදරණීයම වචනය. වෙන බැංකුවල නාමයන් මට හරි දුරස්ථයි. අපේකම කියන හැ`ගීම එන්නේ මහජන බැංකුවෙන්. ඇත්තටම මට ඕන තරම් බැංකු වලින් කතා කරලා තියෙනවා. සමහර අය ගෙදරටත් එනවා. ඒ වුණත් ඒ එක බැංකුවක් එක්කවත් මං සම්බන්ධ වුණේ නැහැ. දවසක් නිවේදක මහත්තයෙක් මට කිව්වා ‘සර් මාර පබ්ලිසිටියක් දෙන්නේ මහජන බැංකුවට කියලා’. ඒ වගේ මං වරින් වර කෘතවේදීත්වය පෙන්නනවා. මහජන බැංකු ශාඛාවේ මැනේජර් මහත්තයාගේ කාමරේ දොර ගාවටම ගිය ගමන් කවුරුහරි නිලධාරියෙක් දුවගෙන එනවා මාව හොයාගෙන. ‘අද මැනේජර් මහත්තයා කොළඹ ගිහින්. මොනාද සර් වෙන්න ඕන කියලා අහලා කරලා දෙනවා’. මේ උත්තරීතර මූල්‍ය ආයතනය අපි වගේ ගනුදෙනුකරුවන්ට වාගේම දේශයේ අභිවෘද්ධිය ස`දහාද කළ සේවාව අමිලයි. ඒ වාගේම විශ්වවිද්‍යාල සිසුන්ට ණය පිරිනැමීමෙන් මෙන්ම උසස් අධ්‍යාපනයටත්, කලාව හා සංස්කෘතියටත් ලබාදී ඇති සහයෝගය විශාලයි. අදත් හෙටත් මම මහජන බැංකුව සම`ගයි.

 – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
 හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 අත්තනායක එම්. හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment