මහජන බැංකුව 2022 නව වසරේ වැඩ අරඹයි

183

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප‍‍්‍රතිඥාව ලබාදෙමින් 2022 ජනවාරි 1 වන දින නව වසරේ වැඩ ආරම්භ කරන ලදී.

මේ නිමිත්තෙන් මහජන බැංකුවේ ප‍‍්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන ලදි. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්විණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය, වෘත්තිය සමිති හා ස්වේච්ඡා සංගම් ද සහභාගී වූහ. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එම ස්ථානයන්හි කාර්ය මණ්ඩලයද සේවා ප‍‍්‍රතිඥාව ලබාදෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment