මහජන බැංකුව, LankaPay ඩෙබිට් කාඩ්පත් නිකුත් කරන සහ වෙළෙඳ ගනුදෙනු අත්පත් කරගන්නා ප්‍රථම බැංකුව බවට පත්වේ

59
මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති උත්සවයකදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත පළමු People’s LankaPay ඩෙබිට් කාඩ්පත ප්‍රදානය කරන ලදී. මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස්, LankaClear හි සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා, LankaClear හි සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, JCB International හි (ශ්‍රී ලංකාව සඳහා) උපදේශක ලක්ෂ්මන් ලියනගේ, මහජන බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී ධම්මික දසා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ගෙවීම, ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, අලෙවිකරණ ප්‍රධානී නාලක විජයවර්ධන, කාඩ්පත් ප්‍රධානී ජයනාත් ඩයස් යන මහත්ම මහත්මීන් ඇතු`ඵ සෙසු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, වටිනා විදේශ විනිමය ඉතිරිකර දේශයේ ආර්ථිකය නැංවීමට ගත් තවත් එක් පියවරක් ලෙස, LankaPay සමඟ අත්වැල් බැඳගනිමින් ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය (National Card Scheme) යටතේ ඩෙබිට් කාඩ්පත් නිකුත්කිරීමට පියවර ගනී. මෙම මුලපිරීම සමඟින්, LankaPay ඩෙබිට් කාඩ්පත් සඳහා නිකුත් කිරීම සහ වෙළෙඳ ගනුදෙනු අත්පත් කරගැනීම එකවර සිදුකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව ලෙස මහජන බැංකුව පත්විය.

People’s LankaPay ඩෙබිට් කාඩ්පත මඟින් LankaPay පොදු ATM ජාලය හරහා සිදුකරන ගනුදෙනුවකට රුපියල් 15/- ක අවම මුදල් ගාස්තුවක් අයකිරීම ඇතු`ඵ ප්‍රතිලාභ රැසක් ගනුදෙනුකරුවන්ට මෙමඟින් පිරිනමයි. දිවයින පුරා පිහිටි 42,000 කට අධික POS යන්ත්‍ර හරහා සිදුකරන ගනුදෙනු සඳහාඳ මෙම ඩෙබිට් කාඩ්පත භාවිතා කළ හැකිය. මෙම කාඩ්පත් භාවිතා කිරීම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස දැනට ක්‍රියාත්මක වෙළඳ හවුල්කරුවන්ගෙන් අයකරන 3-3.5% ට කොමිස් ප්‍රතිශතය (MDR) ඊට බෙහෙවින් අඩු 1% දක්වා පහත වැටෙනු ඇත. එමඟින්, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, කාඩ්පත් ගනුදෙනු වඩාත් දැරිය හැකි මිලකට සිදුකළ හැක. මෙවර නිකුත් කරන ලද People’s LankaPay ඩෙබිට් කාඩ්පත්වල තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එම කාඩ්පත ඩෙබිට් කාඩ්පතක් ලෙස සහ ඔර්බිසඑ කාඩ්පතක් ලෙස භාවිතා කළ හැකි වීමයි. මහ බැංකුව, ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC), ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ LankaPay සමඟ අත්වැල් බැඳගනිමින් මහජන බැංකුව Transit Card නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මේ තුළින් මගීන්ට කොන්දොස්තර මහතා අතැති POS යන්ත්‍රය මත කාඩ්පත් ස්පර්ශ කිරීමෙන් තම ප්‍රවාහන ගාස්තු ගෙවීමට හැකි වේ. සාර්ථක නියමු ධාවනයෙන් පසුව, මහජන බැංකුව මෙම Transit Card ජාතික වැඩසටහන වෙනත් බස් මාර්ගවලට ද ව්‍යාප්ත කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘දේශයේ අභිවෘද්ධියට කැපවෙන ආයතනයක් ලෙස රටට විදේශ විනිමය ඉතිරිකරන මෙම ජාතික වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. අති නවීන තාක්‍ෂණය ජාතියට හඳුන්වා දීමේ ප්‍රමුඛයා වශයෙන්, අද දියත් කරන මෙම විසඳුම නුදුරු අනාගතයේදී තවත් බොහෝ වටිනාකම් එකතු කිරීම් සඳහා මූලික වනු නිසැකයි’.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා, සාමාන්‍ය ජනතාවගේ ජිවන රටාව සුවපහසු කරන නව්‍ය විසඳුම් ලබාදීමට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙය හොඳම නිදසුනක්. මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ට තාක්ෂණය සමීප කිරීම සඳහා කැපවී ක්‍රියා කරන අතර, මෙවන් වැඩසටහන් වලින් එම අරමුණ වඩාත් අර්ථවත් වනවා.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment