මහත්තයා එක්ක රගපාන්න බයවුණා – මාෂි සිරිවර්ධන

1646

කලා ක්‍ෂෙත‍්‍රයේ නෝනටයි මහත්තයාටයි එකම චිත‍්‍රපටයක රඟපාන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඔන්න ඒ අවස්ථාව පුබුදු චතුරංගටයි, මාෂි සිරිවර්ධනටයි ලැබුණා. මේ දිනවල මේ දෙපළ රඟපෑ නිහඬ සෙවනැලි චිත‍්‍රපටය තිරගත වෙනවා. මේ අත්දැකීම ගැන වගේම පුබුදු, මාෂි කැදැල්ලේ අලූත්ම තොරතුරු ඔයාලට කිව්වේ මාෂි සිරිවර්ධන මේ එහි පෙළගැස්මයි.

 * කාලෙකින් පුබුදු මාෂි රඟපාන නිහඬ සෙවනැලි චිත‍්‍රපටය තිරගත වෙනවා. ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

 කාලෙකින් තමයි චිත‍්‍රපටයක් තිරගත වෙන්නේ. තවම ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද චිත‍්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් වෙන්නේ. නිහඬ සෙවනැලි සමාජයට පණිවුඩයක් ලබාදෙන චිත‍්‍රපටයක්.

 * නෝනටයි මහත්තයටයි එකම චිත‍්‍රපටයක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

 ලොකු සතුටක් ගෙන දෙන අවස්ථාවක්. මොකද පුබුදු චතුරංග කියන්නේ විශිෂ්ට ඝනයේ දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් එක්ක ර`ගපාන්න ලැබීම ගොඩක් සතුටුයි. ගෙදර අපේ ජීවිතය වගේ නෙමෙයිනේ. මේක මගේ මහත්තයාගේ වෘත්තිය. මම තවම සිනමාවට අවතීර්ණ වුණා විතරයි. ඇත්තට ම මහත්තයා වුණාට එයත් එක්ක රඟපාන්න මුලින්ම බය හිතුණා.

මහත්තයා එක්ක රගපාන්න බයවුණා - මාෂි සිරිවර්ධන



 * ඇයි ඒ?

 පුබුදු එක්ක රඟපාද්දි අඩුපාඩු එහෙම කියයි කියන බය තමයි තිබුණේ. නමුත් ර`ගපෑම කරගෙන යනකොට එතරම් අපහසුතාවයක් ඇති වුණේ නැහැ. මහත්තයා කිව්වේ ඔයාට කියන්න තරම් අඩු පාඩුවක් නැහැ කියලයි. ඔහු මට උපරිම සහයෝගය ලබා දුන්නා.

 * චිත‍්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?

 අධ්‍යක්‍ෂවරයා පුබුදු එක්ක තමයි ගොඩක් දේවල් කතාබහ කළේ. පිටපතේ තිබුණු සමහර දේවල් වෙනස් කළේ පුබුදු එක්ක කතා බහ කරලා. ඉතිං ඔය වගේ සාකච්ඡුාවලට යනකොට එක දවසක් ඔහුත් එක්ක මමත් ගියා. අධ්‍යක්‍ෂවරයා මාව දැකලා මටත් ආරාධනාවක් කළා.

 * ඒ ආරාධනාවට පුබුදු විරුද්ධ වුණේ නැතිද?

 ඔහු මට ගොඩක් දේවල්වලට උදව් කරනවා. අනික ඔහු ගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. කසාද බැඳපු අලූත අපි දෙන්නම එකට ෂූටින් යන්න පුළුවන් වුණ චිත‍්‍රපටයක් නිහඬ සෙවනැලි කියන්නේ.

 * පසුගිය දවස්වල මොනවද කළේ?

 පළමු කොරෝනා රැුල්ල ආපු කාලෙම තමයි අපේ කැෆේ මාෂි ව්‍යාපාරය ආරම්භ කළේ. අද වෙනකොට මගේ ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා.

මහත්තයා එක්ක රගපාන්න බයවුණා - මාෂි සිරිවර්ධන



 * ව්‍යාපාරයට පුබුදුගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

 සැලසුම පුබුදුගේ තමයි. හැබැයි අපි දෙන්න එකතු වෙලා තමයි සියල්ල නිර්මාණය කළේ. ඉතාලියානු ආහාර වැඩියෙන් දාලා තමයි කැෆේ මාෂි පටන්ගත්තෙ.

 * පුබුදු සමඟ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

 ඇත්තටම හරි සුන්දරයි. අනික අපි හරි සරලව ජීවත් වෙනවා. අපේ බැඳීම වැඩි වුණේ බැන්දට පස්සෙ. මොකද එතකොටනේ අපේ අදහස් හරියටම හුවමාරුවෙන්නේ.

 * ර`ගපෑමට අලූත් ආරාධනා ලැබෙන්නේ නැතිද?

 ඇත්තම කිව්වොත් ටෙලිනාට්‍යවලට තමයි ආරාධනා ලැබෙන්නේ. චිත‍්‍රපට තුනකට ආරාධනා ලැබුණා. පිටපත් පවා අතට ලැබිලයි තිබුණේ. ඒවා ආරාධනා කරන්න දිනයක් නියම කරලයි තිබුණේ. කොරෝනා වසංගතය නිසා ඒවා සියල්ල දින නියමයක් නැතිව කල්ගියා. ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණාම මම භාරගත්තෙ නැහැ. මොකද මම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා මාස්ටර්ස් කරන්න සූදානම් වෙනවා. ඉතිං ඒකත් එක්ක ටෙලි නාට්‍ය භාරගත්තොත් මගේ වැඩකටයුතු අත පසුවෙයි කියලා හිතුවා. මොකද මම කැෆේ මාෂි ව්‍යාපාරය වගේම ලිනෝනා කියලා මගේම ඇඳුම් ව්‍යාපාරයක් පවා පවත්වාගෙන යනවා. ඒකත් මම කරන්නේ උත්සව කාලෙට විතරයි.

 * නිහඬ සෙවනැලි චිත‍්‍රපටයේ ඔබ හොඳම ර`ගපෑම කියලා පුබුදු කිව්වද?

 ඔව්. අපි දෙන්නා මීට කලින් චිත‍්‍රපටයක ර`ගපෑවා. ඒකේ රූගත කිරීම් තවම අවසන් වුණේ නැහැ. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් යටතේ තමයි වැඩ කළේ. අපි දෙන්නා එකම චිත‍්‍රපට හතරක රඟපාලා තියෙනවා. එකිනෙකට වෙනස් අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න ලැබීමෙන් වෙනස් අත්දැකීම් ලැබුණා. මගේ මහත්තයා ගුරුවරයෙක් වගේ තමයි හැමදේට ම උදව් කරනවා.

 * පවුලට අලූත් සාමාජිකයෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැතිද?

 හැමෝම අහන ප‍්‍රශ්නයක්. තව ටිකක් ඉමු. මොකද මේ වසංගත කාලයක් එක්ක ඒ වගේ දෙයකට ටිකක් අමාරුයි. ඉදිරියේදී ඒක බලාපොරොත්තු වෙනවා.

 * පුබුදු මොනවද මේ දවස්වල කරන්නේ?

 ඔහු මේ දවස්වල ජැක්සන් ඇන්තනී මහත්මයාගේ දේවි සම්බුලා කියන දැවැන්ත සිනමා නිර්මාණයේ වැඩ. නෙට්ෆිලික්ස් කියන සමාජ මාධ්‍යයට තමයි මේ චිත‍්‍රපටය මුදා හරින්නේ. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් තමයි මේ චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශනය සිදු කෙරෙන්නේ.



  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment