මහත්මා ගාන්ධි රට වැනසූ බව ප‍්‍රකාශ කළ හින්දු නායකයා අත්අඩංගුවට

538

ඉන්දීය නිදහස් සටනේ නායකයා වූ මහත්මා ගාන්ධිට අවමන් කළ හින්දු ආගමික නායකයකු වූ කලිමාරන් මහරාජ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 මහත්මා ගාන්ධි රට වැනසූ බවත් ඔහුව ඝාතනය කළ නාතුරාම් ගොඞ්සේට ආචාර කරන බවත් කලිමාරන් ප‍්‍රකාශ කර ඇත. පොලිසිය පැවසූවේ චෝදනා ඔප්පු වුවොත් සැකකරුට පස් වසරක සිරදඬුවමක් නියම වන බවය. පොලිස් නිලධාරී ප‍්‍රශාන්ත් අහුජවාල් පැවසූවේ පරීක්‍ෂණ අවසන් කර ඉන්පසු අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment