මහනුවරට තවත් පරාජයක් උරුමකර යාපනය ඉහළ යයි

172

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා  කිංග්ස් කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත්විය. එ් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ඊයේ සවස පැවැති තරගයේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම කඩුලූ 7ක පරාජයකට ඇද දමමිනි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත තරගය පන්දුවාර 10කට සීමා වූ අතර එහිදි ජයග‍්‍රහණය සඳහා ලකුණු 95ක ඉලක්කයක් ජැෆ්නා කණ්ඩායමට හිමිවිය. එ් අනුව පන්දුවාර 8.4කදී කඩුලූ 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට ජැෆ්නා පිතිකරුවෝ සමත්වූහ. අදාළ තරග ජයත් සමගින් තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග 5න් 4කම ජය හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත්විය. එ් එතෙක් පෙරමුණේ පසුවූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට පත්කරමිනි.

කාසියේ වාසිය දිනූ තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට කැන්ඩි කණ්ඩායමට ආරාධනා කළේය. එ් අනුව ඉනිම දියත් කළ කැන්ඩි කණ්ඩායමට සිය පළමු කඩුල්ල මුලූ ලකුණු 35දී අහිමිකරමින් අහමඞ් ෂේසාඞ් ලකුණු 22කට දවා ගැනීමට ෂොයිබ් මලික් සමත්විය. මිනෝද් භානුක පන්දු 16කදී ලකුණු 20ක් ලබා සිටියදී වහබ් රියාස්ගේ

පන්දුවකට අෂේන් බණ්ඩාර අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

සෙමින් සෙමින් කැන්ඩි ඉනිම ගොඩනැංවූ චරිත් අසලංක පන්දු 34කට මුහුණ දී හයේ පහර දෙකක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 44ක්

රැුස් කළේය. කැන්ඩි ඉනිමේ 12 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක වීමෙදී කී‍්‍රඩා පිටියට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත ඉනිම නවතා ජැෆ්නා කණ්ඩායමට අවස්ථාව ලබා දීමට විනිසුරුවෝ තීරණය කළහ. කැන්ඩි වොරියර්ස් ඉනිම එ් වනවිටදී පන්දුවාර 12යි පන්දු 2කදී කඩුලූ 2ක් දැවී ලකුණු 94ක් ලෙසින් සටහන් විය.

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 12.2කදී කඩුලූ 2ක් දැවී ලකුණු 94යි (චරිත් අසලංක (නොදැවී* 44, අහමඞ් ෂේසාඞ් 22, මිනෝද් භානුක 20, වහබ් රියාස් 21/1, ෂොයිබ් මලික් 19/1*

ජාෆ්නා කිංග්ස් පන්දුවාර 8.4කදී කඩුලූ 3ක් දැවී ලකුණු 95යි (උපුල් තරංග 13, අවිශ්ක ප‍්‍රනාන්දු 23, තිසර පෙරේරා (නොදැවී* 29, ෂොයිබ් මලික් (නොදැවී* 14, බිනුර ප‍්‍රනාන්දු 15/1, සචිඳු කොළඹගේ 16/1, නිමේෂ් විමුක්ති 23/1*

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment