මහනුවරින්  යුද හමුදාවට ප‍්‍රහාරයක්

240

අන්තර් සමාජයීය ලීග් රග්බි තරගාවලිය යටතේ ඉකුත් සෙනසුරාදා (11) කොළඹ හැව්ලොක්ස්  ක‍්‍රීඩාංගණයේ දී පැවති තරගයේදී ශ‍්‍රී ලංකා යුද හමුදා පිල වෙතින් එල්ල වූ පීඩනකාරී අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 04 ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් වූයේ තම අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගනිමිනි.

ඒ අනුව මෙවර තරගාවලිය ආශ‍්‍රිතව මහනුවර ක‍්‍රීඩා සමාජය සටහන් කර ගත් සය වැනි ජයග‍්‍රහණය මෙය විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 17 – 14 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදාව සමත් වුවද තරගය සඳහා නියමිත මිනිත්තු 90 කාලය නිමා වන විට ලකුණු 21 – 17 ක් ලෙස සියුම් ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට නයිජල් රත්වත්තේ ගේ නායකත්වයෙන් සමන්විත වූ මහනුවර ක‍්‍රීඩා සමාජයට හැකි විය

දෙවන භාගය තුළ ප‍්‍රතිවාදී යුද හමුදාවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් මහනුවර ක‍්‍රීඩා සමාජය හඹාගොස් දෙවන භාගය තුළ වාර්තා කර ගත් ලකුණු

07 මෙම තරගයේ ජයග‍්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් විය. මහනුවර ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ඩිලූක්ෂ දංගේ, ජේසන් දිසානායක සහ නයිජල් රත්වත්තේ උත්සාහක දිනුම බැගින් සටහන් කර ගත් අතර එහි ප‍්‍රවර්තන ත‍්‍රිත්වයම නිවැරදි එල්ලයට යොමු කරන්නට තරින්ද රත්වත්තේ ට හැකි විය.

යුද හමුදාව වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ ධනුෂ්ක තල්වත්ත සහ සුධාරක දික්කුඹුර උත්සාහක දිනුම බැගින් වාර්තා කර ගත් අතර එහි ප‍්‍රවර්තන ද්විත්වය සමග එක් දඬුවම් පහරක් නිවැරදිව යොමු කරන්නට තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චී ට හැකි විය.

මෙම තරගය කැලූම් සඳරුවන් මහතා විසින් විනිශ්චය කරන ලදී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment