මහනුවර  අපරාජිත ගමනක – අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතාවලිය

173

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තයේ තරග ආශ‍්‍රිතව ජයග‍්‍රහණ වාර්තා කර ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. සමාජය සමත් විය.

මහනුවර ලකුණු 35  නාවික හමුදාව ලකුණු 30

ශ‍්‍රී ලංකා නාවික හමුදාව දෙවන භාගය තුළ දියත් කළ පීඩනකාරී ආක‍්‍රමණයට අසීරුවෙන් මුහුණ දුන් මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 35 – 30 ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගත්තේය.

ඒ පසුගිය සෙනසුරාදා (05) වැලිසර පිහිටි ශ‍්‍රී ලංකා නාවික හමුදා ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේ දී නාවික හමුදාව පරදා ලත් තම තෙවන ජයග‍්‍රහණයත් සමගිනි.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 20 – 06 ක් ලෙස ඉදිරියෙන් පසු වෙමින් ප‍්‍රබල තත්ත්වයක රැු`දී සිටීමට මහනුවර පිලට හැකි වූ නමුත් දෙවන භාගය ආරම්භ වීමත් සමඟම මනා සංවිධානාත්මක ස්වරූපයකින් ක‍්‍රීඩාවේ නිරතවන ආකාරය නාවික හමුදා පිල වෙතින් දැක ගන්නට හැකි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවසාන මිනිත්තුව දක්වාම තරගයේ ජයග‍්‍රහණය දෙපිලටම දෝලනය වන ආකාරයක් ද ඒ අතර ගැබ්වී තිබුණි.

ජයග‍්‍රාහී මහනුවර පිල ගෝල් දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 03 ක් සහ දඬුවම් පහර 02 ක් මගින් තම ලකුණු එකතුව වාර්තා කර ගත් අතර පරාජිත පිලේ ලකුණු පුවරුව ගෝල් දිනුම් 03 ක් සහ දඬුවම් පහර 03 ක් ආශ‍්‍රිතව සටහන් වුණි.

මහනුවර පිලේ අපරාජිත බව තහවුරු කිරීමට උපරිමයෙන් දායක වූ භවන්ත උඩංමුව 01 බුද්ධිම පියරත්න 01 ජේසන් දිසානායක 01 රොෂාන් වීරරත්න 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන 02 ක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට තරින්ද රත්වත්තේට හැකි විය.

නාවික හමුදා පිල බලගැන්වූ චරිත් ජනිත 01, ජනිත් ලක්සර 01 සහ නිරෝෂා පෙරේරා 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප‍්‍රවර්තන 02 ක් සහ දඬුවම් පහර 03 ක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කරන්නට චරිත සෙනෙවිරත්නට හැකි විය. එහි එක් ප‍්‍රවර්තනයක් තිළිණ වීරසිංහ ගේ පාදයෙන් සාර්ථක විණි.

මෙම තරගය ප‍්‍රියන්ත ගුණරත්න මහතා විසින් විනිශ්චය කර ලදී.

සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ලකුණු 27 සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ලකුණු 22

මෙවර තරග වාරයේදී ලත් පළමු ජයග‍්‍රහණය සටහන් කර ගනිමින් ප‍්‍රතිවාදී සී.එච්. ඇන්ඞ් එෆ්.සී.පිල පරදා ලකුණු 27 – 22 ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල පසුගිය සෙනසුරාදා (05) සවස සමත් විය. ඒ තමන්ට හුරු පුරුදු ලොන්ඩන් පෙදෙසේ ක‍්‍රීඩාංගණයේදී ය.

සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. පිල තම ලකුණු 27 ගෝල් දිනුම් 03 සහ ද`ඩුවම් පහර 02 ක් මගින් ද සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල තම ලකුණු 22 ගෝල් දිනුම් 01 සහ උත්සාහක දිනුම් 03 ක් ආශ‍්‍රිතව ලබා ගැනීමට සමත් විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 24 – 12 ක් ලෙස පෙරමුණේ පසු වන්නට සී.ආර්. කණ්ඩායමට හැකි විය.

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ජයග‍්‍රහණය වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ කාවින්ද කොස්තා 01. මෂීඞ් දොරේයි 01 සහ ජෙරෝ ධනංගය දේවගේ 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන ත‍්‍රිත්වය මෙන්ම දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කරන්නට යසස් කවිඳු මුතුතන්ත‍්‍රි සමත් විය.

සී.එච්. ඇන්ඞ් එෆ්.සී පිලට සවියක් වෙමින් අවිශ්ක ලී 01, ගනුක දිසානායක 01, ඕමල්ක ගුණරත්න 01 සහ ප‍්‍රසාත් මධුශංක 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කර ගැනීමට සමත් වූහ. එහි එක් ප‍්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට හිරූෂ සම්පත්ට හැකි විය.

ආකීල් ජමාල්ඞීන් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment