මහනුවර ඇසළ පෙරහැරට කප් සිටුවීම අද

422

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව මූලික කර පවත්වන වාර්ෂික ඇසළ මහා පෙරහැර සඳහා සිව් මහා දේවාලයන්හි චාරිත‍්‍රානුකූල කප් සිටුවීම අද (9 දා* අලූයම එක පසුවී මිනිත්තු නවයට (01.09) යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙයි.

 ශ‍්‍රී නාථ, ශ‍්‍රී විෂ්ණු, ශ‍්‍රී කතරගම සහ ශ‍්‍රී පත්තිනි දේවාලයන්හි සුබ මොහොතින් කප් සිටුවීම සඳහා අවශ්‍ය ශාඛා කප් කොටස් ශ‍්‍රි විෂ්ණු මහා දේවාලය මගින් ඊයේ (8 දා* බෙදා දෙන ලදී.

 කප් සිටුවීමෙන් පසුව අගෝස්තු මස 12 වැනිදා දක්වා චාරිත‍්‍රානුකූලව දේවාලභ්‍යන්තර පෙරහැර පැවැත්වෙයි. 13 වැනිදා රාත‍්‍රි කාලයේ ප‍්‍රථම කුඹල් පෙරහැර පැවැත්වෙන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග මහතා නිකුත් කළ පෙරහැර නිවේදනයේ සඳහන් වේ.

 පස් දිනක් රාත‍්‍රි කාලයේ කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසුව අගෝස්තු 18 වැනිදා රාත‍්‍රි කාලයේ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන බව ද දියවඩන නිලමේ පදීප් නිලංග දෑල මහතා නිකුත් කළ පෙරහැර නිවේදනයේ සඳහන් වෙයි.

 අගෝස්තු 23 වැනිදා අලූයම දිය කැපුම් මංගල්‍යය ද පසුව දවල් පෙරහර ද වීදි සංචාරය කර මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර නිමාවට පත්වේ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment