මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුගාහක දායකත්වය පිරිනමයි

78

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් මහජන බැංකුව පුමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි.

ශ‍්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිළමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල මැතිතුමා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශිය කළමනාකාර ඩී.එම් කපිල දිසානායක මහතා අතින් මෙම ප‍්‍රදානය සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහනුවර ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජනක ජයසිංහ සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී තුසිත වතුලන්ද යන මහත්වරුන් ද සහභාගි විය.

පෞරාණික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.

advertistmentadvertistment
advertistmentadvertistment