මහනුවර ඔඩෙසි සුඛෝපභෝගී දුම්රිය ධාවනය අරඹයි

338

කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන මහනුවර ඔඩෙසි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද සිට ආරම්භ විය.මෙම සුඛෝපභෝගී දුම්රිය දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට හා පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද සිට සෑම සති අන්තයකම මහනුවර ඔඩෙසි දුම්රිය පෙරවරු 6.30ට කොළඹින් පිටත්ව පෙරවරු 9.18ට මහනුවරට ළගාවේ. නැවත පස්වරු 4.50ට මහනුවරින් පිටත්ව රාත්‍රී 7.40ට කොළඹ කොටුවට පැමිණේ.අධි සුඛෝපභෝගී සහ වායු සමනය කළ පහසුකම් යටතේ ආසයි 44කින් පළමු පන්තියේ මැදිරි 04ක් ඇත.ආසන 44කින් යුතු දෙවන පන්තියේ මැදිරි ගණන 03කි.පළමු පන්තියේ වෙන්කළ ආසනයක ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000කි.දෙවන පන්තියේ වෙන්කළ ආසනයක ප්‍රවේශ පත් ගාස්තුව රුපියල් 1500කි.

advertistmentadvertistment
advertistmentadvertistment