මහනුවර නගරයට පොදු පවිත්‍රතා දිනයක්

58

මහනුවර නගරයේ අලංකාරත්වය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් හා මනාව කළමනාකරණය කර ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මහනුවර මහ නගර සභාව මඟින් සෑම මසකටම දිනක් නගර පවිත්‍රතා දිනය ලෙස නම් කර පොදු ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ.

 මෙම වැඩසටහන “we can Kandy” ලෙස නම් කර ඇති අතර එහි මාර්තු මස වැඩසටහන පසුගියදා නගර සභාවේ මුලිකත්වයෙන් මහනුවර නගරය ආශ්‍රිතව සිදු කෙරිණ.

 මහනුවර වෙළඳ සංගම හා ප්‍රජාවගේ දායකත්වයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වයෙන් මහනුවර නගරයේ පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු කරන ලද අතර මෙහිදී වැවරවුම, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට සහ බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය පවතින ස්ථාන ආදි ප්‍රදේශ පිරිසිදු කිරීම සිදු කරන ලදී. දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය දිනාගත් නගරයක් ලෙස මහනුවර නගරය නිසි කළමනාකරණයක් සහිතව පවත්වාගෙන යෑම වෙනුවෙන් සෑම මසකටම එක් දිනයක් ලෙස පොදු පවිත්‍රතා කටයුතු සිදුකිරීමට මහනුවර මහ නගර සභාව කටයුතු යොදා ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පැවසීය. මේ කාර්යය සඳහා ස්වෙච්ඡා කණ්ඩායම් සහ තරුණ ප්‍රජාව වෙත ද තමන් ආරාධනා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment