මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

193

මහනුවර ඓතිහාසික වාර්ෂික ඇසළ පෙරහැර වීදි සංචාරය අද (02දා) රාත්‍රියේ ආරම්භ වෙයි.

අද රාත්‍රි ප්‍රථම කුඹල් පෙරහැර චිරාගත සාම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාව අබියසින් ආරම්භ වී වීදි සංචාරය කරයි. අද රාත්‍රී ප්‍රථම කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් රාත්‍රී 06 පසු වී මිනිත්තු 01 ට ගමන් ආරම්භ වෙයි.

පෙරහැර නිරිත දිසාව බලා පිටත්වන බව ශ්‍රී දළදා  මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

පසුව දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය (කොළඹ වීදිය), යටිනුවර වීදිය සහ රජ වීදිය දිගේ ගමන් කරන පෙරහැර අද රාත්‍රී 10.00 ට පමණ මාලිගා චතුරශ්‍රයෙන් ගෙවදී.

කුඹල් පෙරහැර අගෝස්තු 06 වැනිදා දක්වා පැවැත්වෙයි.

සිරිල් විමලසුරේන්‍ද්‍ර, සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment