මහනුවර මහාමායා විද්‍යාලයේ 90 වන සංවත්සරයට සමගාමීව මහජන බැංකුවෙන් විශේෂිත ණය කාඞ්පතක්

90

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ 90 වන සංවත්සරයට සමගාමීව එහි ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන් වෙනුවෙන් මහජන බැංකුවේ විශේෂිත ණය කාඞ්පත (Affinity Credit Card) හඳුන්වාදීම පසුගියදා පැවති ආදි ශිෂ්‍යා සංගමයේ මහා සභා රැස්වීමේදී සිදුකෙරිණි.මෙම අවස්ථාවට මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එස්. සේනාධීර මහත්මිය, මහජන බැංකුවේ කාඞ්පත් ප‍්‍රධානි ජයනාත් ඩයස්, මහනුවර ප‍්‍රාදේශිය කළමණාකාර කපිල දිසානායක, සහකාර ප‍්‍රාදේශිය කළමණාකාර ශමීර කුමාරපේලි, මහනුවර ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජනක ජයසිංහ, කාඞ් මධ්‍යස්ථානයේ අලෙවි කළමණාකාර අරුණ දන්තනාරායන යන මහත්වරුන් සහභාගී විය.

මහමායා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අප දෙල්තොට ශාඛාවේ කළමනාකාරිනි නිලන්ති එදිරිවීර මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ කාඞ්පත එලිදැක්වීම සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment