මහනුවර යුගයේ රන් පිළිම 3ක් සමග දිවුලපිටියේදී තිදෙනෙක් අත්අඩංගුවට

413

මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික රන් පැහැති බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනකු දිවුලපිටිය පොලිස් වසමේ දී 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

එදින රාත්‍රියේ දිවුලපිටිය නගරේ සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් ළඟ තිබූ ගමන් මල්ලක බුදු පිළිමය සඟවා තිබියදී හමු වූ බව දිවුලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේය. හොරණ ප්‍රදේශයේ නිවසකින් මෙම බුදු පිළිමය සොරාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. සැකකරුවන් සතුව වරායට ඇතුළුවීම සඳහා අවසර පත්‍ර තුනක් තිබූ බවත් දිවුලපිටිය පොලිසිය සඳහන් කරයි. මෙම තිදෙනා මිනුවන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය සඳහන් කරයි.
කටාන දමිත් තිසර

advertistmentadvertistment
advertistmentadvertistment