මහනුවර රාජ්‍ය සේවකයන් ලක්ෂයකට දෙවැනි මාත‍්‍රාව තවමත් නෑ

101

මහනුවර දිස්ති‍්‍රක්කයේ රජයේ සේවකයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව ලැබෙන තෙක් බලා සිටින බව පවසයි. මාස එකහමාරකට වැඩි කාලයක් මෙලෙස ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව අපේක්ෂාවෙන් සිටින බව මහනුවර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ රාජ්‍ය සේවකයෝ පවසති.

ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා, මෙම ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව ප‍්‍රමාද වීමෙන් ග‍්‍රාම නිලධාරීන් බරපතළ අවදානමකට මුහුණපා සිටින බව ද පැවසීය. විවිධ ක්ෂේත‍්‍රයන් හා විවිධ තත්ත්වයන්හි ජනතාව සමග ආසන්නව කටයුතු කරන අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයන් පිරිසක් වූ ග‍්‍රාම නිලධාරීන් වත්මන් කොවිඞ් වසංගතය හමුවේ දැඩි සැකයකින් හා අවදානමකින් කටයුතු කරන බව ද සුමිත් කොඩිකාර මහතා පැවසීය. කෙසේ වුව ද මහනුවර දිස්ති‍්‍රක්කයේ මහනුවර නගරය ඇතුළු ප‍්‍රදේශ කීපයක ජනතාවට ඉකුත් සතියේ ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව ලැබී තිබේ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment