මහනුවර ශා.සිල්වෙස්ටර් විදුහල්පතිට වහාම මාරුවක්

575


මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන කලාප කාර්යාලය වෙත මාරුකර යවා ඇත.
නීතියෙන් පිටත ළමුන් ඇතුළත් කර ගැනීම සහ නීත්‍යානුකූලව ළමයි ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබාගැනීමට අදාල පැමිණිලි යටතේ විනය පරීක්ෂණයකට යටත් ව සිල්වෙස්තර විදුහලේ විදුහල්පතිවරයා මෙලෙස මාරුකර යවා තිබේ.
විදුහල්පතිවරයා විදුහල්පති ධුරයේ කටයුතු කරමින් සිටියදී අදාළ විමර්ශනයට බාධාවන් සිදුවන බැවින් විමර්ශනය අවසන් වන තෙක් ඔහු මාරු කර යැවීමට කටයුතු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment