මහනුවර සැරසන්ස්, කටුගස්තොට ඕල්ඩ් අන්තෝනියන්ස් සහ මහනුවර ඕල්ඩ් රාජන්ස් අපරාජිතව ඉදිරියට

108

මහනුවර දිස්ත්‍රික් ලීග් ක්‍රිකට් තරගාවලිය

ඕල්ඩ් රාජන්ස් පිලේ රිවෝන් කොස්ගොල්ල (89), ඕල්ඩ් අන්තෝනියන්ස් පිලේ මොහොමඩ් ආකීල් (84) සැරසන්ස් පිලේ සුනිමල් දිසානායක (83) සහ ඕල්ඩ් අන්තෝනියන්ස් පිලේ කවිදු ෂෙහාන් (67) අර්ධ ශතක රැස් කරමින් කැපී පෙනෙන්නට සමත් වූහ.

ඒ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක මහනුවර දිස්ත්‍රික් තෙවන පෙළ අන්තර් ක්‍රීඩා සමාජයීය ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග ආශ්‍රිතව ය.

මෙවර තරගාවලියේ ආරම්භක තරග ආශ්‍රිතව ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර සැරසන්ස්, කටුගස්තොට ඕල්ඩ් අන්තෝනියන්ස් සහ මහනුවර ඕල්ඩ් රාජන්ස් කණ්ඩායම් සමත් වූයේ තම අපරාජිත බව තවදුරටත් ඉදිරියට රැගෙන යමිනි.

මෙවර තරගාවලියේ පළමු තරගයේ දී මහනුවර සැරසන්ස් සමාජය හමුවේ කැන්ඩි ක්‍රිකට් සමාජය කඩුලු 04 කින් ද දෙවන තරගයේ දී මහනුවර ඕල්ඩ් රාජන්ස් සමාජය හමුවේ ඕල්ඩ් සහිරියන්ස් සමාජය ලකුණු 193 කින් ද තෙවන තරගයේ දී කටුගස්තොට ඕල්ඩ් අන්තෝනියන්ස් සමාජය හමුවේ මහනුවර බ්ලූම්ෆීල්ඩ් සමාජය ලකුණු 76 කින් ද පරාජය විය.

තිසර ඒකනායක (04) සුනිමල් දිසානායක (03) එස්. සබීෂාන් (03) ආකීල් අහ්මඩ් (03) දුලාර බන්දුසේන (03) තිලාන් වීරසිංහ (03) රවිදු කපුකොටුව (02) විතිල උදාර (02) තිසර වන්නිනායක (02) ප්‍රවීන් තීක්ෂණ (02) මලීෂ රාජකරුණා (02) කඩුළු බිඳ හෙළමින් පන්දු යවන්නන් අතරේ කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment