මහනුවර සුවිසල් මන්දිර දෙකක මුදලට කතුන් විකුණලා

1175

* කළමනාකරුවන් දෙදෙනා සමග කතුන් හයක් දැලේ

මහනුවර නගරයේ සුවිසල් මන්දිර දෙකක දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වැටලූ කොට්ඨාස ¥ෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කාන්තාවන් හය දෙනෙකු සමඟ ඒවාහි කළමනාකරුවන් දෙදෙනා 15දා අත්අඩංගුවට ගෙන තිබේ.

අනිවත්ත හා විද්‍යාර්ථ මාවතේ පිහිටි නිවාස දෙකක මෙම ගණිකා මධ්‍යස්ථාන දෙක ක‍්‍රියාත්මක වී තිබෙන බවත් ඒ පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවත් ¥ෂණ මර්දන අංශය පවසයි. අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-30 අතර වයසේ පසුවන බවත් ඔවුන් පොළොන්වරුව, අනුරාධපුර වැනි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ¥ෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල විතානගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment