මහනුවර, හැව්ලොක්ස්, යුද්ධ හමුදාව සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ජයග‍්‍රහණ වාර්තා කරයි

147

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙය වීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් සමාජයීය ලීග් ශුරතා රග්බි පාපන්දු තරගාවලියේ 07 වැනි සති අන්තයේ ජයග‍්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර, හැව්ලොක්ස්, යුද්ධ හමුදාව සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මහනුවර, හැව්ලොක්ස්, යුද්ධ හමුදාව සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ජයග‍්‍රහණ වාර්තා කරයි

මෙරට ප‍්‍රමුඛතම රග්බි පාපන්දු කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ විශාලතම ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට හැව්ලොක්ස් පිල සමත් වීම එහිදී කැපී පෙණුනි.

මෙතෙක් පැවති තරග ආශ‍්‍රිතව තම අපරාජිත බව තහවුරු කර ගනිමින් ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ මහනුවර ක‍්‍රීඩා සමාජය සමත්වීම එහිදී ඉහළ අගයක් ගත්තේය.

හැව්ලොක්ස් ලකුණු 53  – සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ලකුණු 03

සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. පිලට එරෙහිව ලොන්ඩන් පෙදෙසේ දී පවත්වන ලද තරගයේදී ලකුණු 53 – 03 ක පහසු ජයග‍්‍රහණයක් අත් කර ගනිමින් තම අපරාජිත බව තවදුරටත් ඉදිරියට රැුගෙන යෑමට හැව්ලොක්ස් සමාජය සමත් විය.

හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 05 උත්සාහක දිනුම් 03 සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම ලකුණු එකතුව වාර්තා කර ගත් අතර පරාජිත පිලේ එකම දඬුවම් පහර යසස් කවිඳු මුතුතන්ත‍්‍රීගේ පාදයෙන් සටහන් වුණි.

රන්දික වර්ණපුර 02, අශේන් රණසිංහ 01, ක‍්‍රිස්ටියන් ද ලිලී 01, හාෆීස් අදහාන් නූර් 01, ලසිඳු කරුණාතිලක 01, රමේෂ් ප‍්‍රනාන්දු 01 සහ උමේෂ් මධුෂාන් 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන 05 ක් සමගින් එක් දඬුවම් පහරක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට සන්දේශ් ජයවික‍්‍රමට හැකි විය.

මෙම තරගය ප‍්‍රියන්ත ගුණරත්න මහතා විසින් විනිශ්චය කරන ලදී.

යුද්ධ හමුදාව ලකුණු 18 – නාවික හමුදාව ලකුණු 13

ප‍්‍රසාද ලකුණු පුවරුවේ අවසාන ස්ථානයෙන් ගැළවී යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවුණ ද යම් ප‍්‍රබෝධයක් ලබා ගැනීමට ඉකුත් සෙනසුරාදා (05* යුද හමුදාවට හැකි විය. මෙවර තරගාවලියේ පළමු ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට යුද හමුදාව එහිදී සමත් වූයේ ප‍්‍රතිවාදී නාවික හමුදාව ලකුණු 18 – 13 ක් ලෙස පරාජයට පත්කරමිනි.

ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙණුනු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට දෙපිලම සම තත්ත්වයක පසු විය. ඒ ලකුණු 06 – 06 බැගින් සටහන් කර ගනිමිනි.

යුද්ධ හමුදාව ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත නාවික හමුදාව ගෝල් දිනුමක් සහ දඬුවම් පහර 02 ක් මගින් ලකුණු එකතුව සටහන් කර ගත්තේය.

යුද හමුදා ජයග‍්‍රහණය සනාථ කිරීමට උර දෙමින් ධනුෂ්ක තල්වත්ත සහ කළණ දේශප‍්‍රිය උත්සාහක දිනුම බැගින් සටහන් කළ අතර එහි එක් ප‍්‍රවර්තනයක් නිවැරදි එල්ලයට යොමු කරන්නට ඉසුරු මැදගෙදර ට හැකි විය. සාර්ථක වූ දඬුවම් පහර ද්විත්වයම තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චිගේ පාදයෙන් ගුවනට මුසු විය.

පරාජිත නාවික හමුදා පිල වෙනුවෙන් එකම උත්සාහක දිනුම සජිත් සාරංග සටහන් කළ අතර එහි ප‍්‍රවර්තනය සහ දඬුවම් පහර 02 ක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට තිළිණ වීරසිංහ සමත් විය.

කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ඉසංක අබේකෝන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ලකුණු 22 – ගුවන් හමුදාව ලකුණු 15

තම හොකී කණ්ඩායම මාතලේ දී මාතලේ හමුවේ පරාජය වන අතර වාරයේ දී රග්බි පාපන්දු ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත් වූ මෙට්ලන්ඞ් පෙදෙසේ සුදර්ශන මුතුතන්ත‍්‍රීගේ නායකත්වයෙන් සමන්විත සී.එච්.ඇන්ඞ් එෆ්.සී. රග්බි පිල ප‍්‍රතිවාදී ගුවන් හමුදා පිල පරාජයට පත් කරමින් කැපී පෙණුනි. ඒ ලකුණු 22 – 15 ක් ලෙසිනි.

කොළඹ රීඞ් මාවත පැරණි තුරඟ තරඟ පිටියේදී පැවති මෙම තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 12 – 05 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව සමත් වුවද එම තත්ත්වය දෙවන භාගයේ දී ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පරාජයේ අමිහිරි වේදනාව විඳ ගැනීමට ගුවන් භටයින්හට සිදු විය.

ගෝල් දිනුම් 02 ක් සමග උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සී.එච්. පිල ට හැකි වූ අතර ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග දඬුවම් පහරක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදාවට හැකි විය.

සී.එච්. පිල වෙනුවෙන් අශාන් ඩාලිං 01, හිරන්ත පෙරේරා 01 සහ ඕමල්ක ගුණරත්න 01 බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එහි ප‍්‍රවර්තන 02 ක් සහ දඬුවම් පහරක් රෝහිත රාජපක්ෂගේ දකුණු පා පහරින් සාර්ථක වුණි.

ගුවන් හමුදාව වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා ශෛලියක නිරත වූ දර්ශන තරිඳු දාබරේ උත්සාහක දිනුම් ද්විත්වයම වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තනය ගයන්ත ඉද්දමල්ගොඩගේ පාදයෙන් සාර්ථක විණි.

මෙම තරගය රවීන් ඇලෙක්සැන්ඩර් මහතා විසින් විනිශ්චය කරන ලදී.

මහනුවර ලකුණු 36 – පොලිස් ලකුණු 23

මහනුවර සහ පොලිසිය අතර නිත්තවෙල ක‍්‍රීඩාංගනයේදී පැවති තරඟයෙන් ලකුණු 13 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට මහනුවර ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ප‍්‍රථම භාගයේ දී ලකුණු 24 – 06 ක් ලෙස පෙරමුණ ගත් මහනුවර සමාජය තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ලකුණු 36 – 23 ක් ලෙස ජයග‍්‍රහණය වාර්තා කර ගත්තේය.

ගෝල් දිනුම් 04, උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මහනුවර සමත් වූ අතර පොලීසිය ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් සමඟ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

මහනුවර වෙනුවෙන් චතුර සොයිසා 01, ශානුක අබේවික‍්‍රම 01, දමිත් දිසානායක 01, දිලූක්ෂ දංගේ 02, බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප‍්‍රවර්තන 04 ක් සහ එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කිරීමට තරින්ද රත්වත්තේට හැකි විය.

පොලිසිය වෙනුවෙන් කැපී පෙනුණු රශ්මික හඳුන්පතිරණ 01, ධනුෂ්ක ඉදිරි සූරිය 01 සහ නිසල් සමාධි 05 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි එක් ප‍්‍රවර්තනයක් සමගින් දඬුවම් පහර 02 ක් නිවැරදිව යොමු කිරීමට යොහාන් පීරිස් ට හැකි විය.

මෙම තරගය දිළුම් දීෂන මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment