මහබැංකු අධිපති ධුරයට රනිල් ඇඟිලි ගහන්නේ නෑ – අග්‍රාමාත්‍ය කාර්යාලය

260

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට පැතිර යන ආරංචියෙහි කිසිදු සත්‍යයක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (05දා) ‘දිවයින’ ට පැවැසීය.

මේ අවස්ථාවේ මහබැංකු අධිපතිවරයා සමඟ පෞද්ගලිකව හෝ රාජකාරීමය වශයෙන් අග්‍රාමාත්‍යවරයාට ගැටලුවක් නොමැති බවද එම නිලධාරියා කීවේය.

පැතිර යන එම ආරංචි අතර නව මහ බැංකු අධිපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කළ යුතු බවට අගමැතිවරයා ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවට ද සඳහන් වේ. එහෙත් එයද අසත්‍යයක් බවත් තමාට මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීමේ අදහසක් නොමැති බවත් දිනේෂ් වීරක්කොඩි මහතා දැනුම්දී ඇති බවද එම නිලධාරියා තවදුරටත් ‘දිවයින’ ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

වසර දහහතරකට අධික කාලයක් තිස්සේ රටපුරා යමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන් නොමඟ යවමින් රුපියල් කෝටි ගණනින් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු මුදල් හා භාණ්ඩ තොග වංචා කළ සංවිධානාත්මක කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

මෙම කල්ලියේ ප්‍රධාන මොළකරුවන් දෙදෙනකු සමඟ කොල්ලකෑම් සඳහා භාවිතා කළ ලොරි රථ දෙකක් හා කොල්ල කා තිබූ බඩු තොගයක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. එල්. උපුල් රංජිත් මහතා වෙත ලැබුණු පැමිණිල්ලක් මත පැය විසිහතරක් ඇතුළත සැකකරුවන් හා ලොරි රථ ඇතුළු භාණ්ඩ තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මෙම සංවිධානාත්මක කොල්ලකල්ලිය සම්බන්ධයෙන් රටපුරා පිහිටි පොලිසි දහතුනකට අධික ප්‍රමාණයකට පැමිණිලි ලැබී තිබුණ ද සූක්‍ෂම ලෙස ප්‍රදේශය මාරු කරමින් මෙම කල්ලිය මෙම කොල්ලකෑම් සිදුකර තිබේ.

කුලියට මිලදී ගන්නා වෙළෙඳ ගබඩාවක් පෙන්වා මහා පරිමාණ තොග වෙළෙඳුන්ට දුරකථනය මගින් ඇණවුම් කර එම ඇණවුම් ලැබුණ පසු මුදල් නොගෙවා එම භාණ්ඩ වෙනත් ප්‍රදේශයකට යවමින් මොවුන් මෙම වංචාව සිදුකරගෙන ගොස් තිබිණි.

කිරිබත්ගොඩ ප්‍රදේශයට ද පැමිණ ඒ ආකාරයට තොග බඩු ඇණවුම් කර බඩු ද රැගෙන පලාගිය සිද්ධියක් සම්බන්ධව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැය විසිහතරක් තුළ සැකකරුවන් හා අදාළ කොල්ලය සඳහා යොදාගත් ලොරි ද සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. එල්. උපුල් රංජිත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක සරත් ද අල්විස්, උප පොලිස් පරීක්‍ෂක තිලකසිරි, සැරයන්වරුන් වන මහේෂ් (35433) බණ්ඩාර (33983), කොස්තාපල්වරුන් වන ආනන්ද (48575), බුද්ධික (86772), දිසානායක (21958), වේලාහෙට්ටි (98847) යන නිලධාරීන් විසින් මෙම සංවිධානාත්මක කොල්ල කල්ලිය නීතියේ රැහැනට හසුකර ගෙන ඇත.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment