මහම්මත්තුමාට එරෙහිව කාටුනයක් පළකළ කාටුන් ශිල්පියා මියයයි

455

ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මත්තුමා විසින් බෝම්බයක හැඩයෙන් යුතු තලප්පාවක් පැළඳ සිටින කාටුන් චිත‍්‍රයක් ඇඳීමෙන් ලොව පුරා මුස්ලිම් ප‍්‍රජාවගේ උදහසට ලක් වූ ඩෙන්මාර්ක ජාතික කාටුන් ශිල්පියෙකු වන කුට් වෙස්ටර්ගාඞ් පෙරේදා (18දා* මිය ගොස් ඇත. දිගු කාලයක් රෝගාතුරව සිටි කුට් 2005 වසරේදී ඔහු සේවය කළ ‘‘ජයිලන්ඞ්ස් පෝස්ටන්’’ පුවත්පතෙහි පළ කරන ලද මතභේදයට තුඩු දුන් මහම්මත්තුමාගේ කාටුන් චිත‍්‍රය හේතුවෙන් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් විය.
 
 මිය යන විට 86 හැවිරිදි වියෙහි පසු වූ කුට් 1980 දශකයේ මුල් භාගයේදී සිය වෘත්තීය දිවිය ආරම්භ කළ අයෙකි. මහම්මත්තුමා විවේචනය කරමින් අඳින ලද කාටුන් චිත‍්‍රය හේතුවෙන් ඩෙන්මාර්කයේ මෙන්ම ලොව පුරා රටවල වෙසෙන මුස්ලිම් ජාතිකයන් කුට් ට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළ අතර ඩෙන්මාර්ක තානාපති කාර්යාලවලට පහර දීමටද පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment