මහවැලි අධිකාරිය අහෝසියි? ජනපතිගේ අවධානය – ඉඩම් සංගණනයක් කරන්නත් උපදෙස්

445

මහවැලි අධිකාරිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වී ඇති බැවින් තවදුරටත් මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිදැයි කියා සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

එසේම මහවැලිය අධිකාරිය වෙත 1985 මහවැලි ඉඩම් පනතට අනුව පවරාගත් ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කාලීන සංවර්ධන අවශ්‍යතාවයනට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණපනත් සංශෝධනය කරන ලෙසත් එම කාර්යයන් කඩිනම් කර ගැනීමට සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment