මහවැලි කලාප කාබනික වෙයි

355

රජයේ කාබනික පොහොර වැඩසටහන අනුව යමින් මහවැලි කලාප 10 ක සියලු‍ම වගා බිම් පුර්ණ කාබනික කරණයට ලක්කෙරෙන ”‍මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතිය”‍ ආදර්ශ කෘෂිකාර්මික වැඩසටහන අද (26) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි.

මේ අනුව මහවැලි බල ප්‍රදේශ 10 තුළ පිහිටි කුඹුරු ඉඩම් හෙක්ටයාර් එක්ලක්ෂ හයදහසකට සහ ගොඩ ඉඩම් හෙක්ටයාර් දහසය දහසකට මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 150000 අවශ්‍යතාව සපුරාගැනීමට පොහොර මෙට්‍රික් ටොන් 350000 ක් නිෂ්පාදනය, කාබනික කලාප බිහිකිරීම, කාබනික වගා ප්‍රවර්ධනය, ග්ලිරිසීඩියා ගස් මිලියන 5 ක් සිටුවීම හා මැද කන්නය සඳහා මුන් ඇට වගාකිරීම යන පස් වැදෑරුම් කාරණා එකවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ආදර්ශ වැඩසටහන ජුලි මස 30 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර භුමියේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment