මහවැලි ගගට පැන්න ඉංජිනේරු පීඨ සිසුවා සොයයි

571

පේරාදෙණිය පාළමෙන් මහවැලි ගඟට පනින ලද සිසුවෙක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.සිසුවා පාළමෙන් පහළට පනිනු දුටු බව කියන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාව ජලයේ ගිලී අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා ඊයේ පස්වරුවේ සිට මෙහෙයුමක් දියත්කර තිබේ.මෙලෙස ගගට පැන ඇතැයි සැක කරනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.නුවන්ලක්ෂිත දේවසුරේන්ද්‍ර (24) නැමැති ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු මෙලෙස අතුරුදන්ව තිබෙන බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment