මහවැලි පාලමෙන් ගඟට පැන අතුරුදන් වූ තරුණියගේ සිරුර දින 03 කට පසු හමුවෙයි

282

කිලෝමීටර් 8 ක් පහළට  ගසාගෙන ගිහිල්ලා

මහියංගණ වේරගංතොට, මහවැලි පාලමෙන් පසුගිය 16 දා සවස මහවැලි ගඟට පැන්න යුවළගෙන් අතුරුදන් වූ තරුණියගේ සිරුර පාලමේ සිට කිලෝමීටර් 8 ක පමණ දුරින්, දින 03 කට පසු මහියංගණ, හද්දත්තාව, ගගේයාය ප‍්‍රදේශයේ මහවැලි ගෙඟ් අකුලක රැුඳී තිබියදී පෙරේදා (19 දා) දහවල් සොයාගනු ලැබීය.

මහවැලි පාලමෙන්  ගඟට පැන අතුරුදන් වූ තරුණියගේ සිරුර  දින 03 කට පසු හමුවෙයි

ගවයන් බැඳීම සඳහා මහවැලි ගඟ ආසන්නයට ගිය ප‍්‍රදේශවාසියෙකු විසින් ප‍්‍රථම වරට සිරුර මහවැලි ගෙඟ් අකුලක රැුඳී තිබෙනු දැක, ඒ බව මහියංගණ පොලිසිය දැනුවත් කර ඇත. මළසිරුර ඇගේ මව හා ඥාතීන් විසින් හඳුනාගනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

අතුරුදන් වූ තරුණයා මහවැලි ගෙඟ් කිලෝමීටරයක් පමණ දුර පහළට පිහිනා ගොස් දිවි බේරාගෙන තිබුණි.

එහිදී ගඟට පැන්න තරුණයා ගඟ පහලට පිහිනා ගොස්, ගොඩ වී දිවගොස් අතුරුදන් වූ බව ගම්වාසීන් පවසයි. කෙසේ වෙතත් 17 දා උදෑසන වනවිට ප‍්‍රතිකාර සඳහා එම තරුණයා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත්ව තිබුණි.

මහියංගණය පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකින් පසු මහවැලි ගඟට පැන්න තරුණියගේ ගමන් මල්ල මහවැලි පාලම ආසන්නයේ තිබී හමුවී ඇති අතර එම බෑගයේ තිබී දෙදෙනාගේ හැඳුනුම්පත් හමුවීමත් සමඟ ගඟට පැන්න යුවළගේ අනන්‍යතාව හෙළිව ඇති අතර දෙදෙනාම රිදීමාලියද්ද ප‍්‍රදේශයේ අයවළුන් බවට තහවුරු කරගෙන ඇත.

තරුණියගේ වයස අවුරුදු 19 ක් වන අතර තරුණයාට අවුරුදු 22 කි. මියගිය තරුණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත අතර, බිබිල ප‍්‍රදේශයේ අමතර පංති සඳහා සහභාගි වන බව පවසමින් නිවසින් බැහරව ගොස් ඇත.

මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධීර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩබ්ලිව්. එම්. රසික දසන්ත වීරකෝන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පො.සැ. (10097) වැවේගෙදර, (6779) නිශාන්ත, (18308) ගුණවර්ධන යන නිලධාරී කණ්ඩායමක් පොලිස් පරීක්ෂණ සිදු කරති.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment